බණ්ඩාර බණ්ඩාරනායක, ඔහුගේ අධ්‍යාපනවේ දි ගෞරව (B.Ed. Hons) උපාධිය සහ ශාස්ත්‍රපති (MPhil) උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ආචාර්ය උපාධිය (PhD) මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ද සම්පූර්ණ කළේ ය.
පළමු උපාධියෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බැඳී ගුරුවරයකු ලෙස ද පසුව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී වරයකු ලෙස ද සේවය කළේය. ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ කෙටි කාලීන සේවා කාලයකින් පසු ඔහු රාජ්‍ය පරිපාලන සේවයට බැඳුණේ ය. ඔහු දශක තුනකට ආසන්න කාලයක් නවසීලන්තයේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවෙි ද, ඕස්ටේලියාවෙි නවෝත්පාදන, කර්මාන්ත හා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ඕස්ටේලියාවේි අධ්‍යාපන හා පුහුණු කටයුතු දෙපාර්තමේන්තුවේ ද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි තනතුරු කිහිපයක් දැරී ය.
ඔහුගේ පර්යේෂණ විශේෂඥතාව වන්නේ අධ්‍යාපන පරිපාලනය, රාජ්‍ය අංශයේ ආචාර ධර්ම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණ, සංස්කෘතික මානව විද්‍යාව, සහ පරිණාමීය මනෝ විද්‍යාව ය. ඔහු පොත් කිහිපයක් සහ සඟරා ලිපි ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
වර්තමානයේ ඔහු මෙල්බන් නුවර ස්වාධීන පර්යේෂණ හා උපදේශන සේවා කටයුතුවල නිරත වී සිටියි.